HOT Islandwide Delivery • Secure Payments • Trusted Store

Battery එක මාරු කරන්න කාලේ හරිද

Published Jan 3, 2026
Battery එක මාරු කරන්න කාලේ හරිද

📌 බැටරියෙන් එන සලකුණු BATTERY එක මාරු කරන්න වෙලාවද

ඔබගේ PHONE එක

ඉක්මනින් OFF වෙනවාද

20 30 % තියෙද් දි OFF වෙනවා ද

CHARGING SLOW වෙලාද

මේවා නම් BATTERY එක දුර්වල වෙලා තියෙන ලකුණු වෙන්න පුළුවන්.

 

📌 Phone එක මන්දගාමී වෙන එක Battery එකේ වැරැද්දද?

බොහෝ දෙනා හිතන්නේ phone එක slow වෙන්නේ software issue එකක් කියලා.

නමුත් දුර්වල battery එකක් තිබුණොත්

phone performance එකත් අඩුවෙන්න පුළුවන්.

 

📌 Battery Swelling (බැටරිය උස්සලා එන එක) කියන්නේ මොකක්ද?

බැටරිය උස්සලා එනවා නම්

Back cover එක තදවී ඉස්සරහට එනවා

LCD එක ඉස්සරහට තල්ලු වෙනවා

මෙවැනි ලකුණු දකිද්දි

තවදුරටත් භාවිතා නොකර battery එක මාරු කරන්න.

 

📌 Phone එක OFF කරලා charge කළොත් හොඳද ?

Phone එක OFF කරලා charge කරන විට

බැටරියට ලැබෙන power එක ස්ථාවරව ලැබෙන නිසා

සමහර අවස්ථාවල charge efficiency එක වැඩි වෙනවා.

 

📌 එකම Phone Model එකට Battery ගොඩක් ඇයි?

එකම model එකට batteries වර්ග කිහිපයක් තියෙන්නේ

• Quality

• Capacity

• Cell type

වල වෙනස නිසායි.

ඒ නිසා price වෙනස් වීම සාමාන්‍ය දෙයක්.

 

📌 Battery health කියන එක ඇත්තටම වැදගත්ද?

Battery health අඩුවෙද්දි

• Backup time අඩු වෙනවා

• Phone එක overheat වෙනවා

• Sudden shutdown වෙන්න පුළුවන්

ඒ නිසා battery health එක phone performance එකට සෘජු බලපෑමක් තියෙනවා.


← Back to Blog